හදන App එක ඔයාගෙ Android Phone එකේම Run කරමු, Debug කරමු (Wireless)

අද කියල දෙන්නෙ කොහොමද ඔයාගේ ලැප් එක slow කර ගන්නෙ නැතුව ඔයා හදන ඇප් එකක් run කරල බලන්නෙ කියලා. සාමාන්‍ය ක්‍රමය තමයි Android Virtual Device එකක් Computer එකේම install කරල ඇප් එක run කරන එක. ඒකෙන් වෙන්නේ ඔයාගේ lap එක slow වෙන එක. ඉතින් ඔයාට ලේසියෙන්ම පුළුවන් ඔයාගෙ ඇප් එක ඔයා ලඟ තියන Android device එකකම run කරල බලන්න.

1. ඔයාගෙ Android Phone එක අතට අරන් Settings -> About phone ගිහින් ඒක යටම තියන build number කියන එක 3න් පාරක් එක දිගට ඔබන්න.

2. ඊට පස්සෙ ඔයාලට දකින්න ලැබෙයි, Settings -> System වලට ගියාම Developer options කියල එකක් තියනවා.. ඒක ඇතුලට ගියාම debugging කියන එක යටතේ USB debugging කියනවා ඒ ඔන් කරන්න.

3. දැන් USB Cable එකක් බාවිතයෙන් ඔයාගෙ Android Mobile Phone එක Computer එකට Connect කරන්න. Connect කරපු ගමන් මෙන්න මෙහෙම එකක් එනවා ඒකට allow දෙන්න.

4. දැන් Android Studio Open කරල අපි start කරපු project එක run කරමු. ඒකට උඩ මැදින් තියන කොළපාට play ලකුණ ඔබන්න.

ටික වෙලාවකින් ඔයාලට දකින්න ලැබෙයි ඔයාගෙ Phone එකේ app එක run වෙලා තියනවා.

 

අපි දැන් මේ වැඩේ USB Cable එකක් නැතුව කරමු.

මේකට ඔයාගේ phone එකයි PC එකයි දෙකම එකම WiFi network එකකට connect වෙලා තියෙන්න ඕන.

5. මුලින්ම මම මේ හදපු Wireless ADB.bat file එක download කරල ඔයාගෙ desktop එකට Copy කර ගන්න.

Download Wireless ADB.bat

6. ඔයාගෙ Android Phone එක අතට අරන් Settings -> About phone -> ip address ගිහින් ip adress එක බලා ගන්න.

7. ඔයා desktop එකට copy කර ගත්තු Wireless ADB.bat එක right click කරල edit දෙන්න.. එතන IP address කියන තැනට අපි බලා ගත්තු IP address එක දෙන්න. Save කරන්න ctrl+s

8. දැන් Wireless ADB.bat එක Double click කරල ඔයාට පුළුවන් USB cable එකක් Connect නොකර app run කරල බලන්න debug කරන්න.

Android Studio open කර ගත්තම ඔයාට දකින්න ලැබෙයි ඔයාගෙ device එකේ නම. එහෙම වැටෙන් නැති වෙලාවට ඔයාට පුළුවන් Wireless ADB.bat කියන අපි හදපු file එක double click කරල Wireless ව device එක connect කර ගන්න.

අපේ course එකට join වෙන්න ආස අය එන්න මගේ group එකට. දැනුම 0 තියන කෙනෙක්ට app එකක් හදලා apk file එකක් අරගන්න තැනට එනකල් නොමිලේම කියල දෙනවා..

Telegram group: https://t.me/AndroidByLakpriya

Social media වල අනිත් අයටත් බලන්න Post එක Share කරගෙන යමු!

Total Page Visits: 545 - Today Page Visits: 2

Leave a Reply