Royal Mall Food Court, Kandy 🇱🇰

මීට මාස කීපයකට උඩදි ඒ කියන්නේ කොරෝනා එන්න කලින්, දිනිතියි මමයි ගියා Royal Mall Food Court එකට. අපි Kandy City View Point එකට ගිහින් Shopping ගිහින් රෑට කන්න 6.30 7ට වගේ තමයි එතෙන්ඩ ගියේ.
කෑම කන්න වාඩි උනාම මෙනු එක දුන්න. Rice , Rice and Curry, කොත්තු වලට අමතරව ගොඩක් කෑම ජාති තිබ්බ. අපි රයිස් එක්කුයි තව Milkshake එකකුයි Order කලා.
Order කරපු දේවල් ගේනකල් ලඟ හිටපු පූසෙක් එක්ක සෙල්ලම් කලා.. ඒ යකා මගෙ ඇතට පැන්න. ටිකක් සීරුනා. දිනිතිගෙන් බැනුනුත් අහල ඉන්නකොට,රයිස් එකයි මිල්ක්ශේක් එකයි ගෙනාවා. ගෙනාපු රයිස් එක අපි දෙන්නත් එක්ක බෙදාගෙන කෑවා. කාල ඉවර උනත් මට තව මොනවා හරි කන්න හිතුන. ඊට පස්සෙ අපි චිකන් සුප් එකක් Order කලා.
මෙතනින් කාලා බැලුවම අපට දැනෙන දෙයක් තමයි හොදට Spices දාල තියනවා. ඒක නිසා අමුතු ශ්‍රීලංකන් ටේස්ට් එකක් තියනවා. ඒ නිසා කෑම ගොඩක් රසයි. ඒ වගේම තමයි මෙනු එක ගත්තම එක එක රටවල dishes තිබුණා. රයිස් වර්ග, කොත්තු, තව එක එක් ඩෙසර්ට් ජාති එහෙම තිබුණා. වට පිටාව ලස්සනයි මෙතන. අපි ගිය දවස නම් ටිකක් crowded. Woody look එකක් තමයි වට පිටාවෙ තියෙන්නෙ. ඊට පස්සෙ කාල බීල ඉවර වෙලා අපි දෙන්න පිටත් වුනා.
අපේ විඩියෝ එක බලලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමතිනම් අපේ YouTube චැනල් එක Subscribe කරන්න අමතක කරන්න එපා.. බෙල් බටන් එක ඔබල තියාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් Notification එකක් ගෙන්න ගන්නත් පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එක්කින් හම්බවෙමු.
Total Page Visits: 485 - Today Page Visits: 1

Leave a Reply