මේ Android Intent ගැන!

Android වලදි intent කියන්නෙ activity අතර ක්‍රියා කරන mechanism එකක්. අපිට intent දෙකකට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන්.

Explicit intent

Implicit intent

Explicit intent එක භාවිතා වෙන්නෙ අදාල ඇප් එක තුලම දේවල් වලට, උදාහරණයක් විදියට. අපේ ඇප් ඒකේ Activity එකක ඉදන් ඒ ඇප් එකේම තවත් Activity එකකට යන්න පුළුවන්.

Implicit intent එක වෙනත් ඇප් එකක් එක්ක කරන දෙයක්. උදාහරණයක් විදියට අපේ ඇප් එකේ ඉදල වෙනත් ඇප් එකක Activity එකක් open කරන එක.

Explicit intent යටතේ අපි බලමු කොහොමද අපේ Activity එකකින් තවත් එකකට යන්නෙ කියල.

අපි කලින් lesson එකේම හදපු project එක use කරමු. කලින් lesson එකේ Text එක මාරු කලා වෙනුවට අපි එතනට Activity අතර මාරු වෙන්න හදමු.

File -> New -> Activity -> Empty Activity ගිහින් Empty activity එකක් create කර ගමු. ඒකට Second Activity කියල නම දෙන්න.

SecondActivity එකට අදාල layout එකේ. (activity_second.xml) මෙහෙම හදන්න. මෙහෙම හදා ගන්න බැරි නම් කලින් lessons බලන්න.

දැන් MainActivity එකේ මේ Code එක වෙනස් කරල run කරල බලමු.

App එක run වුනාම button එක click කරල බලන්න.

 

දැන් අපි බලමු Implcit intent එකක්. අපි බලමු button එක click කලාම webpage එකක් open කරමු web browser එක හරහා..

මගෙ කලින් lesson බැලුවනම් දන්නවා ඇති layout එකට තවත් බටන් එකක් දාන හැටි.MainActivity එකට අදාල layout (activity_main.xml) එකට Button එකක් අළුතින් දාල MainActivity එකේ link කර ගන්න.

මේ විදියට change කරන්න වෙනවා code එක.

දැන් ඔයාල run කරල බැළුවොත්,

අපි හදපු දෙවෙනි button එක click කරාම lakpriya.com මගේ site එකට යනවා..

Activity එකකින් Activity එකකට data ගෙනියන හැටි අපි ඉස්සරහදි lesson එකකදි කතා කරමු.

Total Page Visits: 1709 - Today Page Visits: 2

Leave a Reply