Android වල එන Event handling!

Android Event handling

Android වලදි event එකක් කියන්නෙ user ගේ මොකක් හරි ක්‍රියාවක්. ඒ කියන්නෙ tap කිරීමක්, double tap කිරීමක්, long tap, swipe වගේ දේවල්. Android app එකක මේ වගේ event handling තියන්නම ඕන දෙයක්. අපි බලමු අද උදාහරණයක් විදියට button එකක් එබුවම text එකක් වෙනස් කරන්නෙ කොහොමද කියල. මේකේ event handling එක තමයි button එක click කරන එක.

මුලින්ම අපි අළුත් Project එකක් start කරමු. Project එකක් start කරන හැටි මෙතනින්  බලන්න. ඔයාල දැනටමත් Start කරලනම් අළුත් project එකක් ගන්න පුළුවන්. Android Studio එකේ File ->New -> New Project

හරි දැන් අපි Main Activity එකට අදාල layout එකට (activity_main.xml), Button එකක් drag and drop කරමු. තව TextView එකකුත්.

Attributes වලට ගිහිල්ල id ටික දෙමු. Button එකට button, TextView එකට textView කියල දෙමු. Button එක select කරල id එක දෙන්න. ඒ වගේම TextView එකටත්. වටේට තියන Dots හතර පේනවනේ, අන්න ඒව පහලට set කරල Button එක ඔයාට ඕන තැනක තියන්න පුලුවන්.

 

දැන් ආපහු MainActivity එකට ගිහින් අපි හදපු TextView එකයි, Button එකයි link කරමු.

මේ codes ටික දෙන්න.

1,2 Button එක declare කරල link කලා.

3 setOnClickListener, Button එක එබුවම තියන text එක වෙනස් වෙලා.. Lakpriya කියල වැටෙන්න මම set කලා.

දැන් ඇප් එක run කරල result එක බලන්න. > Run කරන හැටි

 

අපේ course එකට join වෙන්න ආස අය එන්න මගේ group එකට. දැනුම 0 තියන කෙනෙක්ට app එකක් හදලා apk file එකක් අරගන්න තැනට එනකල් නොමිලේම කියල දෙනවා..

Telegram group: https://t.me/AndroidByLakpriya

Social media වල අනිත් අයටත් බලන්න Post එක Share කරගෙන යමු!

Total Page Visits: 893 - Today Page Visits: 1

This Post Has One Comment

  1. Avatar
    Padma

    👌💙

Leave a Reply